Sunday, September 25, 2011

නෑ නෑ සර් සර්ට නෙමෙයි කිව්වේ මම මෙන්න මෙයාට කිව්වේ





ඔන්න ගොඩාක් කාලෙකට පස්සේ තොන්සා පෝස්ට් එකක් ලියන්න සෙට් උනේ.ඒකට හේතු ගොඩක් තිබ්බා ප්‍රධානම හේතුව තමයි ලැප් එක අප්පච්චි රාජ සන්තක කරපු එක.ආයේ ඉතින් එහෙම කරාම මොකෙන් බ්ලොග් පෝස්ට් දාන්නද?හරි ඒකෙන් මේකෙන් කියන්න ගියපු දෙයත් අමතක වෙනවා.




අද නම් කියන්නෙ මට උනු දෙයක් නම් නෙමෙයි අපේ යාලුවෙක්ට උන දෙයක්.මේක බොහොම පොඩි සිද්ධියක්.ඇත්තටම කිව්වොත් බ්ලොග් පෝස්ට් එකකටත් මදිද කොහෙද සිද්ධිය පොඩි උනාට කතාව රසවත් ඇති කියලා මම හිතනවා.ඔන්න එහෙනම් පටා...න් ගමු.


ඔයාලා දන්නවානේ ඉතින් ඉස්කෝලේ සර්ලට සාමාන්‍යයෙන් ඒ සර්ගේ නමින් ආමන්ත්‍රනය කරනවා අඩුයි නේ මම මේ කියන්නෙ අප්‍රසිද්ධියේ හොඳේ? ප්‍රසිද්ධියේ එහෙම සර්ලට නම් කියන්නෙ නරක ළමයි.අපි එහෙම නැති හින්දා අපි කියන්නේ අප්‍රසිද්ධියේ තමයි.අපි නිකන් හිතමු ඒ සර්ට කිව්ව නම සො** කියලා.


කොහොමත් සර්ලාගෙ වගේම කොල්ලොන්ටත් එයාලගෙ ඇත්ත නම කිය වෙන්නෙ බොහොම කලාතුරකින් නෙ.වැඩේ කියන්නෙ අපේ කොල්ලෙක් හිටියා ඔය සර්ට දාලා තියෙන නමම තමා එයාටත් අපේ අය දාලා තිබ්බේ.


ඉතින් මම මේ කියන සිද්ධිය සිද්ධ උනේ ටර්ම් ටෙස්ට් තිබ්බ කාලෙක.ඔය කාලෙට ඉතින් ටීචර්ස්ලට ඉතින් දාහක් වැඩනේ ඇයි ඉතින් පේපර් බලන්න එහෙම තියෙනවනේ.ඔය කාලෙට ළමයිටත් දාහක් වැඩ තිබ්බෙ නැතත් එක වැඩක් උපරිමේටම කරන්න තියෙනවා.මොකක්ද දන්නවද?ඇයි ලකුණු දුන්න පේපර් වල ටීචර්ලට වැරදුනු තැන් හොයලා ඒවට ලකුනු වැඩි කර ගන්න.ටීචර්ලට වැරදිලා නැත්තම් බොරු වැරැද්දක් හරි හොයා ගන්න අපි දක්ෂයි.එක ලකුනට මරාගෙන මැරෙන්න උනත් කට්ටිය ඉන්නවා.


ඔන්න ඉතින් ඔහොම දවසක අපිට අපේ සිංහල සර් ලකුණු ටික දීලා ගියා.ඉතින් ඊට විනාඩි 5කට විතර පස්සේ පුලු පන්තියම වගේ වැරදි හදා ගන්න සිංහල සර්ව හොයාගෙන ගියා.සර් ඒ වෙලාවෙ හිටියෙ 9 වසරේ පන්තියක.ඉතින් අපි රැළම ගියා සර්ව හම්බවෙන්න.ගිහින් එක එකා පන්තිය ඇතුලට ගිහින් ලකුනු හදාගෙන එනවා. ඉතින් ඔය ලකුනු හදාගත්ත උදවිය අනිත් අය එනකම් පන්තිය එලියට වෙලා පොඩි චැට් එකක් එහෙම දාගෙන හිටියා.මෙන්න එක සැරේම අපේ එකෙක් කෑ ගහලා


"ඒයි සො** ....................... උඹට ලකුණු කීයද?"


කියලා ඇහුවා.ඒත්  එක්කම මෙන්න සර් කෙනෙක් අර එහෙම කෑ ගහපු අපේ එකා දිහා කන්න වගේ ඔරවගෙන බලාගෙන ඉන්නවා.


එක සැරේම අපේ ඒ කොල්ලා කියාපි


"නෑ නෑ සර් සර්ට නෙමෙයි කිව්වේ මම මෙන්න මෙයාට කිව්වේ"


කියලා අපේ සො**ව පෙන්නුවා.හිතාගන්න පුලුවන්නෙ අපිට ඒ වෙලාවෙ ඇති උන හැඟීම.

5 ක් අදහස් පළ කරලා:

ඉතින් ඊට පස්සේ අර සර් ඒ ළමයගේ කන අත ගෑවද !!!!
අම්මෝ සෑහෙන කාලෙකට පස්සේ.

මමනම් දන්නවා මෑන් කව්ද කියල මට අදත් හම්බ උනා. මචන් ඔය කියන සර් සිංහල එහෙම නෙමෙයිනෙ කලේ

හ්ම්.... දැන් මේක කලේ අපේ තොන්සා නෙමේලු....

මේ පාඩම් වැඩ ටිකත් හරියට කරගෙන බ්ලොග් එකත් දිගටම ලියන්න මල්ලි

නියම කතාව! අපේ එකෙක්ට ෆොන්සේකා කියලා ඔහෙම කේස් එකක් උනා! හික් හික්!

හි හී.... නියම කතාව....

ඊට පස්සේ ඉතිං, සර්ගේ ප්‍රතිචාර කොහොමද කියලත් ලියන්න එපෛ ඉතින්...... :D :D

Post a Comment

හිතෙන දෙයක් කියලා යන්න

Related Posts Plugin for WordPress, Blogger...
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More